Latest News

Amazon සමාගමට එරෙහිව ඕස්ට්‍රේලියාව පුරා විරෝධතා

Published 16 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Amazon සමාගමට එරෙහිව ඔස්ට්‍රේලියාව පුරා දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ වී තිබේ.

ඒ Amazon සමාගම විසින් ඔස්ට්‍රේලියානු සේවකයන් සූරාකෑම සහ දේශීය ව්‍යාපාර අඩපණ කිරීමට එරෙහිවයි.

වෘත්තීය සමිති තුනක් එක්ව මෙම විරෝධතාව සංවිධානය කර තිබෙන අතර TWU, SDA සහ MEAA යන වෘත්තීය සමිතිවල සාමාජිකයන් සිය ගණනක් ඊයේ Amazon මධ්‍යස්ථාන ඉදිරිපිට විරෝධතාවල නිරත විය.

ඔවුන් පවසන්නේ 2024 වසරේදී ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් බිලියන 3.12ක ආදායමක් උපයා ගත්ත ද, ඇමසන් සමාගම බදු වශයෙන් ගෙවා ඇත්තේ 0.8%ක වැනි සුළු මුදලක් පමණක් බවයි.

සේවකයන්ගේ සෑම තත්පරයක්ම අධීක්ෂණය කරමින් ඔවුන් රොබෝවරුන් මෙන් වැඩෙහි යෙදවීමට එරෙහිව ද මෙහිදී විරෝධය පළ විය.

මේ අතර කලාකරුවන් සහ මාධ්‍යවේදීන් චෝදනා කරන්නේ ඔවුන්ගේ නිර්මාණ සොරකම් කර Amazon සමාගම සිය AI තාක්ෂණය දියුණු කරන බවයි.

කෙසේ වෙතත් නිසි වැටුප් වැඩිකිරීමක් සහ සේවා සුරක්ෂිතතාවක් ලැබෙන තෙක් මෙම සටන අත්නොහරින බවයි වෘත්තීය සමිති නායකයන් අවධාරණය කරන්නේ.

World News

Send your contact Details Today