වෙනිසියුලාවට අයත් තෙල් තොගයක් අමෙරිකාව විසින් පළමු වරට අලෙවි කර තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
මෙම තෙල් අලෙවියේ වටිනාකම ඩොලර් මිලියන 500 ක්.
ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් ඊයේ දින මෙම ගනුදෙනුව තහවුරු කර තිබුණි.
ඉදිරි දින සහ සතිවලදී තවත් මෙවැනි අලෙවි කිරීම් බලාපොරොත්තු විය හැකි බවයි නම හෙළි නොකළ නිලධාරියෙකු පුවත් සේවයකට ප්‍රකාශ කර ඇත්තේ.
තවත් වාර්තාවකට අනුව, මෙම අලෙවියෙන් ලැබුණු ආදායම කටාර්හි පිහිටි බැංකුවක් ඇතුළු ඇමරිකානු බැංකු ගිණුම්වල රඳවා තබා ඇති අතර, එම සියලු මුදල් දැනට පාලනය කරනු ලබන්නේ ඇමරිකානු රජය විසින්.
ධවල මන්දිර ප්‍රකාශිකා ටේලර් රොජර්ස් ප්‍රකාශ කළේ, මත්ද්‍රව්‍ය ත්‍රස්තවාදියෙකු ලෙස හැඳින්වෙන නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප් මෙම ඓතිහාසික බලශක්ති ගනුදෙනුව සිදු කළ බවයි.
මෙමගින් අමෙරිකානු සහ වෙනිසියුලානු ජනතාවට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි ඇය සඳහන් කළේය.
එමෙන්ම, වෙනිසියුලාවේ පෞද්ගලික ආයෝජන දිරිමත් කිරීමට ට්‍රම්ප් පාලනාධිකාරිය කටයුතු කරමින් සිටියි.
වෙනිසියුලාවේ තෙල් යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පෙර නොවූ විරූ ආයෝජනයක් කිරීමට කැමති තෙල් සමාගම් සමඟ ට්‍රම්ප්ගේ කණ්ඩායම සාකච්ඡා පවත්වන බව රොජර්ස් වැඩිදුරටත් පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් සහ විදේශීය සතුරන්ගෙන් බටහිර අර්ධගෝලය ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා පියවර ගනිමින් සිටින බවයි ඇය අවධාරණය කරන්නේ.
වෙනිසියුලානු ජනාධිපති මදුරෝ මේ වන විට නිව්යෝර්ක්හිදී මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනාවලට මුහුණ දී සිටියි.
ඔහු බලයෙන් පහ කිරීමෙන් පසු සිදු වූ පළමු ගනුදෙනුව මෙය වීම විශේෂත්වයක්.
වෙනිසියුලාවේ සිදු කළ මහා පරිමාණ මෙහෙයුමකින් පසු, එරට සතු පොහොසත් තෙල් සම්පත් ලබා ගැනීම සඳහා අමෙරිකානු තෙල් සමාගම් සම්බන්ධ වන බව ට්‍රම්ප් මීට පෙර ඉඟි කර තිබුණි.
පසුගිය සතියේදී ජනාධිපති ට්‍රම්ප් ඇමෙරිකානු තෙල් සමාගම් රැසක ප්‍රධානීන් ධවල මන්දිරයට කැඳවා, වෙනිසියුලාවේ තෙල් ක්ෂේත්‍රයේ ආයෝජනය කරන ලෙස ඔවුන් දිරිමත් කළේය.
එම රැස්වීමේදී ට්‍රම්ප් එම සමාගම්වලට පූර්ණ ආරක්ෂාව සහතික කළ නමුත්, ඒ සඳහා අවශ්‍ය මුදල් පෞද්ගලික ව්‍යාපාර මගින් සැපයිය යුතු බවත්, අමෙරිකානු රජය ඒ සඳහා මුදල් වැය නොකරන බවත් පැහැදිලිව ප්‍රකාශ කළේය.
