Latest News

වික්ටෝරියාවේ රජයේ පාසල්වල සිසුන්ගේ දත්තවලට සයිබර් ප්‍රහාරයක්

Published 17 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වික්ටෝරියාවේ රජයේ පාසල්වල සිසුන්ගේ දත්තවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

එහිදී වත්මන් සහ පැරණි සිසුන්ගේ විස්තර සහිත අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ දත්ත රැසක් භාහිර පාර්ශවයක් විසින් සොරාගෙන ඇති බවයි අධ්‍යාපන අංශ පවසන්නේ.

ඒ අනුව ශිෂ්‍යයින්ගේ නම්, පාසලෙන් නිකුත්කරන ලද e-mail address හා Passwords, පාසලේ නම් සහ ශ්‍රේණියන් සම්බන්ධ තොරතුරු සයිබර් ප්‍රහාරකයින් විසින් ලබාගෙන තිබේ.

කෙසේවෙතත් උපන් දින, නිවසේ ලිපිනයන් හෝ දුරකථන අංක වැනි අනෙකුත් ශිෂ්‍ය දත්ත වෙත ප්‍රවේශ වී නොමැති බවට තහවුරු වී ඇති බවයි අධ්‍යාපන අංශ සඳහන් කළේ.

මේ හේතුවෙන් යමෙකුට තම දරුවාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් පවතින්නේ නම් අදාල පාසලේ විදුහල්පති හෝ වික්ටෝරියා පොලීසියට දන්වන ලෙසද දෙමාපියන්ට දැනුම් දී තිබේ.

මේ අතර දත්ත ප්‍රසිද්ධ කර ඇති බවට හෝ තෙවන පාර්ශවයකට ලබාදී ඇති බවට මෙතෙක් සාක්ෂි නොමැති බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් වික්ටෝරියාවේ සියලුම රාජ්‍ය පාසල්වල ශිෂ්‍යයින්ගේ Passwords නැවත සකස් කර ඇති අතර පාසල් ආරම්භයේදී සියලුම Passwords නැවත සිසුන්ට නිකුත් කරනු ඇති.

සිද්ධියට හේතුව වික්ටෝරියා අධ්‍යාපන දෙපර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇති අතර මේ වනවිට සියලුම ආරක්ෂක විධිවිධාන යොදවා ඇතැයි ඔවුන් සඳහන් කළේය.

World News

Send your contact Details Today