Latest News

පාකිස්තානයේ මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය විශ්ලේෂකයින් හත්දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

Published 17 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පසුගිය සතියේ පාකිස්තානයේ ෆෙඩරල් ත්‍රස්ත විරෝධී අධිකරණයක් මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය විශ්ලේෂකයින් හත්දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.

අධිකරණ තීන්දුවට අනුව, වරදකරුවන් වූවන් අතරට දැනට යූටියුබ්කරුවන් ලෙස කටයුතු කරන හිටපු හමුදා නිලධාරීන් තිදෙනෙකු ද වේ.

2023 දී හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඇති වූ නොසන්සුන්තාවය තුළ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට වරදරකරුවන් කරමින් මෙම දඬුවම් පමුණුවා ඇතැයි මාධ්‍ය වාර්තා කළේය.

තීන්දුවේ සඳහන් වූයේ ඔවුන් පළ කළ සමාජ මාධ්‍ය අන්තර්ගතයන් ත්‍රස්තාවදය පිළිබඳ අර්ථ දැක්වීම යටතට ගැනෙන බවයි.

දඬුවම් නියම කරන ලද මාධ්‍යවේදීන් සහ විචාරකයින් ඉම්රාන් ඛාන් හිතවාදීන් ලෙස හඳුන්වනු ලබන අතර, ඔවුන් පකිස්ථානයේ බලවත් හමුදා සහ සිවිල් සංස්ථාපිතය මෙන්ම වත්මන් සභාග රජය දැඩි ලෙස විවේචනය කරන්නන් බව සඳහන්.

නඩු විභාගය පැවැත්වුණේ මේ වන විට පාකිස්ථානයෙන් පිටත ජීවත්වන ඔවුන්ගේ සහභාගීත්වයකින් තොරවයි.

World News

Send your contact Details Today