Latest News

අමෙරිකානු ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්තාන සම්භවයක් සහිත ක්‍රීඩකයින්ටත් ඉන්දීයාවෙන් කෙනිහිළිකම්

Published 2 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එළැඹෙන පන්දුවාර විස්ස ලෝක කුසලන තරගාවලියට ක්‍රීඩා කිරිමට නියමිත අමෙරිකානු කණ්ඩායමේ පාකිස්තාන සම්භවයක් සහිත ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට ඉන්දීය වීසා ප්‍රතික්ෂේප වී ඇති බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අමෙරිකානු කණ්ඩායමේ ප්‍රමුඛතම වේග පන්දු යවන්නෙක් වූ අලි ඛාන්ද ඊට ඇතුළත් බවයි.

මේ අතර පාකිස්තා සම්භවයක් සහිත සිම්බාබ්වේ නායක සිකන්දර් රාසාට ඉන්දියානු වීසා ලබා නොදුනහොත් සිම්බාබ්වේ කණ්ඩායම ද ලෝක කුසලාන තරගාවලිය වර්ජනය කරන බව පවසා තිබේ.

එසේම, බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ද ඊයේ යළි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ලෝක කුසලාන තරගාවලියට ඉන්දියාවේ සංචාරය නොකිරිමේ සිය ස්ථාවරය වෙනසක් නොමැති බවයි.

World News

Send your contact Details Today