ඉරානය සතු බලය උරගා බැලීමට අමෙරිකාව කටයුතු කරන්නේ නම් තම රට යුද්ධයකට සූදානම් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි පවසයි.
එමෙන්ම යුද මෙහෙයුමකට පරිබාහිරව අමෙරිකාවට විකල්ප රැසක් පවතින බවද ඔහු පෙන්වා දෙයි.
එබැවින් ඉරානයේ හැකියාව සම්බන්ධයෙන් අත්හදා බැලීම් සිදු කිරීමෙන් වළකින ලෙසයි ඔහු අමෙරිකාවෙන් ඉල්ලා සිටින්නේ.
අමෙරිකාව සමග සියලු සන්නිවේදන මාර්ග විවෘතව පවතින බවත් ඒ සම්බන්ධයෙන් ඇමෙරිකාව අවදානය යොමු කළ යුතු බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා පවසයි.
එමෙන්ම පසුගිය වසරේ දින 12ක යුද්ධයට සාපේක්ෂව මේ වනවිට ඉරානය විශාල හා පුළුල් මට්ටමේ හමුදාමය සූදානමක සිටින බවද ඔහු පෙන්වා දෙයි.
ඉරාන විරෝධතාකරුවන් අඛණ්ඩව ඝාතනය වන්නේ නම් හමුදාමය ක්‍රියාවලියකට තමන් සූදානම් බව ට්‍රම්ප් ජනාධිපතිවරයා යළිත් වරක් සඳහන් කර තිබීම හේතුවෙන් ඊට ප්‍රතිචාර දක්වමින් ඉරාන විදේශ අමාත්‍යවරයා මෙළෙස පවසා තිබුණි.