Latest News

ඉන්දියාව, සහල්වලින් ලෝකෙන්ම එකට එයි

Published 18 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දි­යාව ලොව විශා­ල­තම සහල් නිෂ්පා­ද­කයා බවට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ වසර 2025 දී සහල් ටොන් මිලි­යන 150.18ක් නිප­ද­ව­මින්.

මෙතෙක් දීර්ඝ කාල­යක් පුරා ලොව විශා­ල­තම සහල් නිෂ්පා­ද­කයා බවට පත්වී සිටි චීනය එම වස­රේදී නිප­ද­වනු ලැබූ සහල් ප්‍රමා­ණය ටොන් මිලි­යන 145.28ක් බැවින් ඉන්දි­යාව එරට කෘෂි­කා­ර්මික ක්ෂේත්‍රයේ ඓති­හා­සික සංධි­ස්ථා­න­යක් සට­හන් කළ බව ඉන්දි­යාවේ කෘෂි­කර්ම ඇමැති ෂිව්රාජ් සිං ප්‍රකාශ කර තිබේ.

පසු­ගි­යදා නව­දිල්ලි නුවර පැවති උත්ස­ව­ය­කදී ඉන්දි­යාවේ කෘෂි­කර්ම පර්යේ­ෂණ කවු­න්සි­ලය විසින් සංව­ර්ධ­නය කරනු ලැබූ නව භෝග වර්ග 25ක් හඳුන්වා දෙමින් එරට කෘෂි­කර්ම ඇමැ­ති­ව­රයා මේ බව ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

ඉන්දි­යාව විසින් ඉහළ අස්වැ­න්නක් සහ දේශ­ගු­ණ­යට ඔරොත්තු දෙන ප්‍රභේද 184ක් හඳුන්වා දී ඇති අතර, ඊට ධාන්‍ය වර්ග 122ක් ද ඇතු­ළත් බව වාර්තා වේ.

ජාත්‍ය­න්ත­රව ලැයි­ස්තු­ගත කරනු ලැබූ ලොව විශා­ල­තම සහල් නිෂ්පා­ද­ක­යන් අතර බංග්ලා­දේ­ශය තුන්වැනි ස්ථානයේ පසු­වන අතර, ඉන්දු­නී­සි­යාව සිවු­වැනි ස්ථාන­ය­ටත්, විය­ට්නා­මය පස්වැනි ස්ථාන­යට පත්වී ඇත.

එම ලැයි­ස්තු­වට අනුව තායි­ල­න්ත­යට 6 වැනි ස්ථාන­යත්, මිය­න්මා­ර­යට 7 වැනි ස්ථාන­යත් ලැබී ඇති අතර, පිලි­පී­නය අට­වැනි ස්ථානයේ සහ කාම්බෝ­ජය 9 වැනි ස්ථානයේ පසු­වන බව වාර්තා වේ.

එහි දස­වැනි ස්ථානය හිමිවී ඇත්තේ පාකි­ස්තා­න­යට බව ද වාර්තා වේ.

World News

Send your contact Details Today