ඉරානයේ පවතින දැඩි ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ තවදුරටත් ප්රචණ්ඩ ස්වභාවයක් ගෙන තිබේ.
ඉන් මේ වන විට අවම ලෙස පුද්ගලයින් 217 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ටෙහෙරානයේ අගනුවර රෝහල් 6 ක පමණක් මෙම මරණ සංඛ්‍යාව සටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මිය ගිය අයගෙන් බහුතරයක් ආරක්ෂක අංශවල වෙඩි පහරවලට ලක්ව ඇති බව සඳහන්.
මේ අතර උද්ඝෝෂණ මධ්‍යයේ ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ නිලධාරියෙකු රජයේ රූපවාහිනිය ඔස්සේ දැඩි අනතුරු ඇඟවීමක් සිදු කරමින් කියා ඇත්තේ දෙමාපියන් තම දරුවන් විරෝධතාවලින් ඈත් කර තැබිය යුතු බවයි.
එමෙන්ම යම් හෙයකින් දරුවන්ට වෙඩි වැදුණහොත් ඒ පිළිබඳව පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවන ලෙසත් ඔහු දැඩිව අවධාරණය කර තිබේ.