ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් අද (10) නිකුත් කර තිබේ.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩදුම්බර ප්‍රදේශය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රදේශවලට මෙන්ම බදුල්ල, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට නායායම් පිළිබඳව විමසිල්ලෙන් පසුවන ලෙසයි එම සංවිධානය දැනුම් දෙන්නේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල, මීගහකිවුල, වැලිමඩ, කන්දකැටිය, හාලිඇල, බදුල්ල, ඌව පරණගම සහ පස්සර මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, උකුවෙල, අඹන්ගඟ කෝරළය, රත්තොට සහ ලග්ගලපල්ලේගම නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න, වලපනේ, මතුරට සහ හඟුරන්කෙත ජීවත් වන ජනතාව නායයාම් පිළිබඳව විමසිල්ලෙන් පසුවිය යුතු වෙන බව දැනුම් දෙයි.