Latest News

චීනයෙන් එල්ල වන බලපෑම්, බිය වැද්දවීම් සහ තර්ජන ගැන තායිවානයේ ජනාධිපති කට අරියි

Published 21 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනයෙන් එල්ල වන බලපෑම්, බිය වැද්දවීම් සහ තර්ජන තරයේ ප්‍රතික්ෂේප කරමින් රටේ ස්වෛරීභාවය දැඩි ලෙස ආරක්ෂා කරන බව තායිවානයේ ජනාධිපති විලියම් ලායි යළි අවධාරණය කර තිබේ.

ඒ අනුව තායිවාන ජනාධිපතිවරයා පවසා ඇත්තේ චීනයෙන් එල්ල වන නව මිලිටරි පීඩනය හමුවේ චීනය තායිවානයේ කොටසක් නොවන බව පැහැදිලි වන බවයි.

2026 ජනවාරි 1 වන දින ඔහුගේ අලුත් අවුරුදු පණිවුඩයේ ද ලායි 2026 වසර “තීරණාත්මක වසරක්” ලෙස සඳහන් කර තිබුණි.

එමෙන්ම “කඩාකප්පල් කිරීමට, රහස් ලබා ගැනීමට, සන්නද්ධ හමුදා සාමාජිකයින් ආකර්ෂණය කර ගැනීමට සහ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ විශ්වාසය නැති කර ගැනීම සඳහා මහජන මතයට බලපෑම් කිරීමට බීජිං දරන උත්සාහයන් නිසා එවැනි සිදුවීම් වැළැක්වීමට සහ අනාවරණය කර ගැනීමට නීතිමය ආරක්ෂාවන් වේගවත් කළ යුතු” බව ලායි ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

World News

Send your contact Details Today