ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අධිකරණය හමුවට පමුණුවන ලෙස පාකිස්තාන ආරක්ෂක අමාත්‍ය කවාජා අසීෆ් අමෙරිකාවෙන් සහ තුර්කියෙන් ඉල්ලා සිටිනවා.
ඒ ‘මනුෂ්‍යත්වයේ දරුණුතම අපරාධකරු’ ලෙස හඳුන්වමින්.
පාකිස්තානයේ විශාලතම රූපවාහිනී නාලිකාව වන ‘ජියෝ’ නාලිකාව සමඟ පැවති සජීවී සම්මුඛ සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මෑතකදී වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝව අමෙරිකාව විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසුව, ඒ ආකාරයටම නෙතන්යාහුව අල්ලා ගැනීමටද තමන් සහාය දක්වන බව ඔහු පැවසුවේය.
ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) නෙතන්යාහුට එරෙහිව ක්‍රියා කර ඇති බැවින්, යුක්තිය ඉටු කිරීම සඳහා රටවල් ඔහුව අත්අඩංගුවට ගත යුතු බව අසීෆ් අවධාරණය කරයි.
“තුර්කිය විසින් නෙතන්යාහුව පැහැර ගනු ඇතැයි පකිස්ථානුවන් වන අප ප්‍රාර්ථනා කරනවා” යැයි පැවසූ ඔහු, ඔහුව පැහැරගෙන තුර්කියේ අන්කාරා නුවරට ගෙන යනු ඇතැයි අනුමාන කළේය.
මේ අතර ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් 2024 නොවැම්බර් මාසයේදී නෙතන්යාහු සහ හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළේය.
2024 වසරේ සිට ඊශ්‍රායලය සහ තුර්කිය අතර සබඳතා ඉතා අයහපත් මට්ටමක පවතින අතර, වෙළඳ තහනම් සහ ගුවන් සීමා වැසීම වැනි තීරණ හේතුවෙන් දෙරට අතර දැඩි මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී තිබේ.