යුක්රේනයේ බටහිර ලවිව් ප්‍රදේශයට රුසියාව විසින් න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි ‘ඔරෙෂ්නික්’ වර්ගයේ මධ්‍යම දුර බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවට එරට මාධ්‍ය වාර්තා කරයි.
මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ පෝලන්ත දේශ සීමාවේ සිට කිලෝමීටර් 70ක් පමණ දුරින් පිහිටි ස්ථානයකට වීම විශේෂත්වයක්.
ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම ප්‍රහාරය, වසර හතරකට ආසන්න කාලයක් පවතින රුසියානු ආක්‍රමණයේදී මෙම පර්යේෂණාත්මක මිසයිලය භාවිතා කළ දෙවන අවස්ථාව බව ඇතැම් වාර්තාවල සඳහන්.
ලවිව් ප්‍රාදේශීය හමුදා පරිපාලන ප්‍රධානී මැක්සිම් කොසිට්ස්කි පැවසුවේ මෙම ප්‍රහාරයෙන් එම ප්‍රදේශයේ යටිතල පහසුකම් මධ්‍යස්ථානයකට හානි සිදුව ඇති බවයි.
මෙම ප්‍රහාර මාලාවෙන් ලිවිව් ප්‍රදේශයේ අවම වශයෙන් සිව් දෙනෙකු සහ ගිනිකොනදිග සපෝරිෂියා ප්‍රදේශයේ එක් අයෙකු මිය ගොස් ඇති බවට තවත් වාර්තාවල දැක්වෙයි.
මේ හේතුවෙන් ප්‍රදේශයේ පොදු ප්‍රවාහනය අඩාල වී අර්ධ විදුලි බිඳවැටීමක් ද සිදු වූ බවත් ප්‍රහාරයෙන් පසු මානුෂීය ආධාර ගබඩා කර තිබූ කාර්මික උද්‍යානයක් ගිනි ගන්නා අයුරු දක්නට ලැබුණු බවත් තවත් විදෙස් පුවත් වාර්තාවල දැක්වෙයි.
‘ඔරෙෂ්නික්’ යනු දැනට යුක්රේනය සතුව වළක්වා ගැනීමට හෝ ආරක්ෂා වීමට හැකියාවක් නොමැති ප්‍රබල අවි වර්ගයක්.
ලවිව් නගරාධිපති ඇන්ඩ්‍රි සඩෝවි පවසන පරිදි, ප්‍රහාරයට භාවිතා කළේ මෙම මිසයිල වර්ගයම දැයි යුක්රේන හමුදාව විසින් නිල වශයෙන් තහවුරු කළ යුතුයි.
ප්‍රහාරයට සුළු මොහොතකට පෙර රුසියාවේ ‘කපුස්ටින් යාර්’ අත්හදා බැලීමේ මධ්‍යස්ථානයෙන් මිසයිල දියත් කිරීමක් සිදුවිය හැකි බවට වාර්තා වූ අතර, ඒ සමඟම යුක්රේන ගුවන් හමුදාව මුළු රටටම ගුවන් ප්‍රහාරක අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණි.
ලවිව් ප්‍රදේශයේ වැසියන්ට බලවත් පිපිරීම් දහයකට වඩා ඇසුණු බව වාර්තා වන අතර, එය මිසයිලයේ තිබූ විශාල පතොරම් කිහිපයක් එකවර පිපිරීම නිසා සිදුවන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
රාත්‍රී කාලයේදී තවත් මෙවැනි ප්‍රහාර එල්ල විය හැකි බවට යුක්රේන විශ්ලේෂකයින් අනතුරු අඟවා තිබුණි.
මීට පෙර රුසියාව විසින් මෙම මිසයිල පද්ධති බෙලරුස් රාජ්‍යයට ලබා දී ඇති අතර, ඒ හරහා යුරෝපීය නගර රැසක් ඔවුන්ගේ ප්‍රහාරක සීමාවට ඇතුළත්.
මෙම ‘ඔරෙෂ්නික්’ මිසයිලය යනු කලින් තහනම් කර තිබූ, ඉතා වේගයෙන් සහ වැඩි දුරක් යා හැකි අති නවීන අවියක්.
එය නේටෝ සීමාවට ඉතා ආසන්නව භාවිතා කිරීම යුද්ධයේ බරපතල වර්ධනයක් පෙන්නුම් කරයි.
පෙන්ටගනය පවසන පරිදි, ඔරෙෂ්නික් යනු RS-26 Rubezh අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය (ICBM) පදනම් කරගත් පර්යේෂණාත්මක මධ්‍යම දුර බැලස්ටික් මිසයිල (IRBM) වර්ගයක්.
500 මෙවැනි 5,500 දක්වා දුරක් පියාසර කළ හැකියි.
එවැනි ආයුධ භාවිතය 2019 දී ඇමරිකාව සහ රුසියාව ඉවත් වූ සෝවියට් යුගයේ ගිවිසුමකින් තහනම් කර තිබුණි.
එක්ස් (X) සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවකට අනුව, රුසියාව විසින් ප්රක්ෂේපණ හයක් පමණ ලිවිව් නගරයට එල්ල කරන අයුරු පෙනෙන්නට තිබුණද, එම දර්ශන ස්වාධීනව තහවුරු කර නොමැත.
මෙම මිසයිලය ප්‍රථම වරට ඔක්තෝබර් මාසයේදී භාවිතා කිරීමත් සමඟ පෝලන්තය ඇතුළු නේටෝ රටවල් දැඩි විමසිල්ලෙන් පසුවෙයි.