ජපානයේ න්‍යෂ්ටික ආරක්ෂණ ඒජන්සියේ නිලධාරියකුගේ ජංගම දුරකතනය චීනයේ ගුවන්තොටුපොළකදි අස්ථානගත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ජපාන න්‍යෂ්ටික ආරක්ෂණ ඒජන්සිය සතු අතිශය සංවේදී තොරතුරු එම දුරකතනයේ ඇති බව ද වාර්තා වේ.
චීනයේ පෞද්ගලික සංචාරයකින් පසු නැවත ජපානයට යෑම සඳහා නියමිතව සිටි අදාළ නිලධාරියාගේ දුරකතනය අස්ථානගත වී ඇත්තේ ෂැංහයි ගුවන්තොටුපොළේදී බවත්, එහි අඩංගු තොරතුරු තුන්වැනි පාර්ශ්වයකට හුවමාරු වූයේ දැයි මෙතෙක් හෙළි වී නැති බවත් ජපාන මාධ්‍ය සඳහන් කර තිබේ.
වසර 2011දි සිදුවු දරුණු භුකම්පනයෙන් පසු වසා දැමූ සියලු න්‍යෂ්ටික බලාගාර නැවත සක්‍රිය කිරීමට ජපාන රජය පසුගියදා නියෝග කළ අතර, න්‍යෂ්ටික ආරක්ෂණ ඒජන්සියේ සේවකයාගේ අස්ථානගත වූ ජංගම දුරකතනයේ ද ඒ පිළිබඳ වැදගත් තොරතුරු රැසක් තිබූ බව වාර්තා වේ.