බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගිනිකොන දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට ඉඩ තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 දක්වා තද වැසි ඇති විය හැක.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය පිලිබඳ අවවාදාත්මක නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2026 ජනවාරි මස 08 වන දින ප.ව. 01.30 දක්වා වලංගු වන පරිදි 2026 ජනවාරි මස 07 දින ප.ව. 01.30 ට නිකුත් කරන ලදී.



