Latest News

ට්‍රම්ප්ට එරෙහිව රටවල් 07ක් එක පැත්තකට එයි

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාව විසින් ග්‍රීන්ලන්තය අත්පත් කරගත යුතු බවට නැවතත් ප්‍රකාශ කිරීමත් සමඟ, ඩෙන්මාර්කය ඇතුළු නේටෝ (NATO) සාමාජික රටවල් 07ක් විශේෂ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර ඇත.

ඒ අනුව ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, ස්පාඤ්ඤය සහ එක්සත් රාජධානිය යන රටවල් මෙලෙස හඬක් නගා ඇති අතර මෙම රටවල් අවධාරණය කරන්නේ “ග්‍රීන්ලන්තය එහි ජනතාවට අයිති” බවටයි.

එමෙන්ම ග්‍රීන්ලන්තය සහ ඩෙන්මාර්කය සම්බන්ධ කරුණු පිළිබඳව තීරණ ගැනීමට අයිතිය ඇත්තේ එම රටවල් දෙකටම පමණක් බව මූලාශ්‍ර පෙන්වා දෙයි.

ආක්ටික් කලාපයේ ආරක්ෂාව තහවුරු කරන අතරම, ස්වෛරීභාවය, භූමියේ අඛණ්ඩතාව සහ දේශසීමා උල්ලංඝනය කළ නොහැකි බව, සුරැකීමට කටයුතු කරන ලෙස මෙම රටවල් ඉල්ලා සිටියි.

මේවා ලොව පුරා පිළිගත් විශ්වීය මූලධර්ම බවත්, ඒවා ආරක්ෂා කිරීම කිසිසේත් නතර නොකරන බවත් එම රටවල් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

World News

Send your contact Details Today