Latest News

තලේබාන් සංවිධානයෙන් පාකිස්තානය ගැන විශේෂ ප්‍රකාශයක්

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

තලේබාන් සැමවිටම ස්වාධීනව තීරණ ගන්නා බවත් පාකිස්තානය මත යැපීමට අපේක්ෂා නොකරන බව එම සංවිධානයේ ප්‍රධාන ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම තලේබාන් සංවිධානය සහ ඔවුන්ගේ පාලනය කිසිවිටෙකත් පාකිස්තානය මත රඳා නොපවතින බව එම සංවිධානය පවසයි.

නැවත බලයට පත්වීමෙන් පසු තලේබාන් සංවිධානය පාකිස්තානයේ කැමැත්තට අනුකූලව පාලනය කරනු ඇතැයි පාකිස්තාන හමුදාව අපේක්ෂා කළ බවද ඔහු පවසා තිබේ.

පාකිස්තානය තලේබාන් පාලනය කිරීමට සිහින දකින බව පැවසූ ඔහු එය වහාම නතර කරන ලෙසට ද පාකිස්තානයෙන් ඉල්ලා ඇත.

World News

Send your contact Details Today