Latest News

යුරෝ­ප­යට සහ ඉන් ඔබ්බට ව්‍යාප්ත වන අන­තුරු ඇඟවීමක් ගැන විදෙස් මාධ්‍ය වාර්තාවක්

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකි­ස්තා­නය විසින් ලිබි­යාවේ ජාතික හමු­දාව සමඟ ඇති­ක­ර­ගත් අමෙ­රි­කානු ඩොලර් බිලි­යන 4කට වැඩි වටි­නා­ක­ම­කින් යුතු ආයුධ ගනු­දෙ­නුව, එක්සත් ජාතීන්ගේ අවි­ආ­යුධ අලෙ­විය සම්බන්ධ නීති රෙගු­ලාසි උල්ලං­ඝ­නය කිරී­මක් බව ටයිම්ස් ඔෆ් ඊශ්‍රා­යල් පුවත් සේවය වාර්තා කළේය.

එය නීති­වි­රෝධී ආයුධ ගනු­දෙ­නු­වක් පම­ණක් නොව මධ්‍ය­ධ­රණී මුහුදේ සිට යුරෝ­ප­යට සහ ඉන් ඔබ්බට ව්‍යාප්ත වන අන­තුරු ඇඟ­වී­මක් සහිත ගැඹුරු උපායමාර්ගික ගනු­දෙ­නු­වක් බව ද එම පුවත් සේවය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

එම ගනු­දෙ­නු­වට චීනයේ චෙංග්ඩු ගුව­න්යානා සමා­ගම සහ පාකි­ස්තාන ගුව­න්යානා නිෂ්පා­දන සංකී­ර්ණය එක්ව නිප­ද­වනු ලැබූ ‘ජේ.එෆ්.17 තන්ඩර්’ නමැති තනි එන්ජිම සහිත ප්‍රහා­රක ජෙට් යානා ඇතු­ළත් වී ඇති බවත්, එය පාකි­ස්තා­නය හරහා අලෙවි කිරී­මෙන් චීනයේ සෘජු ආයුධ වෙළෙ­ඳා­මේදී සිදු­වන නියා­මන පරි­ක්ෂාව මඟ හැරී ඇති බවත් චීන හමුදා විශ්ලේ­ෂ­ක­යකු වන සොං සොංග්පින් ‘සවුත් චයිනා මෝනිං පෝස්ට්‘ පුවත් සේව­යට ප්‍රකාශ කර ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රා­යල් පුවත් සේවය සඳ­හන් කරයි.

World News

Send your contact Details Today