ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් ලබන සතියේ ඉන්දියාවේ දෙදින සංචාරයක නිරත වනු ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එහිදී දෙරට අතර වෙළෙඳාම, ආයෝජන, ආරක්ෂක සහ තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් එරට මාධ්‍ය පවසන්නේ.
ඒ අනුව ජනවාරි 12-13 දිනවල ජර්මානු චාන්සලර්වරයා අහමදාබාද් සහ බැංගලෝර් වෙත සංචාරය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.
ට්‍රම්ප් පරිපාලනය ඉන්දියානු භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමේ පසුබිමට එරෙහිව යුරෝපය සමග ආර්ථික සම්බන්ධතාවය ඉහළ නැංවීම කෙරෙහි නවදිල්ලිය අවධානය යොමුකර ඇති පසුබිමක මෙම සංචාරය සිදුවීම විශේෂත්වයක්.