Latest News

Tomorrowland ප්‍රසංගය ප්‍රථමවරට ආසියාවට

Published 25 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මුළු ලෝකයේම අවධානය දිනාගෙන සිටින Tomorrowland සංගීත ප්‍රසංගය මේ වසරේ දෙසැම්බර් 11 සිට 13 දක්වා දින තුනක් පුරා තායිලන්තයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම ප්‍රසංගය තායිලන්තයේ පටායා (Pattaya) නගරයේ පිහිටි Wisdom Valley පරිශ්‍රයේදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

දින තුනම ආවරණය වන ප්‍රවේශපත්‍රයක මිල තායි බාත් 12,500ක් (අමෙරිකානු ඩොලර් 400ක් පමණ) වන බව සඳහන්.

ප්‍රවේශපත්‍ර සඳහා වන පූර්ව ලියාපදිංචිය ජනවාරි 8 වැනිදා ආරම්භ වනු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

වසර 20ක ඉතිහාසයක් ඇති Tomorrowland උළෙලක් ආසියාවේ පවත්වන පළමු අවස්ථාව මෙයයි.

World News

Send your contact Details Today