Latest News

BTS රසිකයන්ට සතුටු හිතෙන පණිවිඩයක්

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

K-Pop සංගීතයේ සංගීත කණ්ඩායම වන ලොව සුප්‍රකට BTS කණ්ඩායමේ නව ඇල්බමය එළැඹෙන මාර්තු 20 වනදා එළිදැක්වීමට නියමිතව තිබේ.

BTS කණ්ඩායමේ භාරකාර ඒජන්සිය වන HYBE Corporation විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ BTS කණ්ඩායමේ යළි පැමිණීම සංකේතවත් කරමින් ලෝක සංචාරයක් පවත්වන බවයි.

2022 වසරේ “Proof” ඇල්බමය නිකුත් කිරීමෙන් පසු සිය සාමාජිකයින් හත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ සියල්ලන් එක්ව නිකුත් කිරීමට නියමිත පළමු ඇල්බමය මෙය බව ද වාර්තා වේ.

BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින් කිහිපදෙනෙකු විසින් පසුගිය වසර කිහිපය පුරාවට දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවය සිදුකර තිබුණි.

ඒ හේතුවෙන් ඔවුන්ගේ සම්පූර්ණ සාමාජිකයින් එක්ව මෙලෙස ගීත ගායනා කරන්නේ වසර 3කට පසුව වේ.

තවද BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයින් දකුණු කොරියාවේ අනිවාර්ය හමුදා සේවයට එක්වූයේ පසුගිය 2022 වසරේදීය.

මෙම BTS සංගීත කණ්ඩායමේ සාමාජිකයන් වන්නේ, ජන්ග් කුක් (Jung Kook), V, ජිමින් (Jimin), සුගා (Suga), RM, ජින් (Jin), සහ ජේ හොප් (J-hope)ය.

ඒ අනුව මෙම සංගීත කණ්ඩායමේ පළමුවෙන් හමුදා සේවයට එක්වූයේ සිටින වයසින් වැඩිම සාමාජිකයා වන 29 හැවිරිදි “ජින්” ය එම කණ්ඩායමේ සාමාජිකයින් සිව්දෙනෙකු අනිවාර්ය හමුදා සේවය පසුගිය වසරේ ජූනි මාසයේ අවසන් කර තිබේ.

ලෝකයේ බොහෝ තරුණ පිරිසක් අසීමිත ආදරය කරන සංගීත කණ්ඩායමක් ලෙස BTS සංගීත කණ්ඩායම දැක්විය හැකිය.

තවද මෙම BTS සංගීත කණ්ඩායම 2013 වසරේදී සිය පළමුවරට සිය නිර්මාණ ඉදිරිපත් කර තිබේ.

කෙසේ වෙතත් මාර්තු 20වනදා ලොව පුරා BTS රසිකයින් පුන පුනා බලා සිටින දිනයක් වනු ඇ‍ත.

World News

Send your contact Details Today