Latest News

සොරකමේ ගොස් පොතක් කියවමින් සිටි සොරෙක් ඉතාලියේ පොලිසියට කොටුවෙයි

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පොතකට වහල් වී එය කියවමින් සිටියදී අතටම අසුවූ සොරකු පිළිබඳ අපූරු පුවතක් ඉතාලියෙන් වාර්තා වනවා.

පසුගියදා රාත්‍රියක ඉතාලි අගනුවර නේවාසික ගොඩනැඟිල්ලක පිහිටි නිවෙසකට ඇතුළු වී සොරකමේ නිරතවන විට එහි කුටියක තිබූ ග්‍රීකයේ මහා කවි හෝමර් විසින් ඉලියඩ් වීර කාව්‍ය කෘතිය දැක නිවෙසේ සඳළුතලයට වී එය කියවමින් සිටියදී ඔහු හසු වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

38 හැවිරිදි මේ පුද්ගලයා සඳළුතලයට වී පොතක් කියවමින් සිටිනු ගෙහිමියා දැක ඇති අතර, ඒ බව පොලිසියට දැනුම් දී තිබෙනවා.

ගෙහිමියා දැකීමෙන් පසු එම සඳළුතලයෙන් පැන පලායෑමට උත්සාහ කළ සොරා පසුව පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

මේ පුවත පිළිබඳ තොරතුරු වාර්තාවීමෙන් පසු එම කෘතිය ඉතාලි බසට පරිවර්තනය කරනු ලැබූ ලේඛකයා ප්‍රකාශ කර ඇත්තේ සොරාට එය අවසානය වනතෙක් කියැවීමට නොහැකි වූ බැවින් පොතේ පිටපතක් ඔහුට යැවීමට කටයුතු කරන බවයි.

World News

Send your contact Details Today