Latest News

Avatar: Fire and Ash ප්‍රදර්ශනය ආරම්භ කර දින 15කදී ඩොලර් බිලියනයක සීමාව පසුකරයි

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජේම්ස් කැමරන්ගේ අති සාර්ථක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට මාලාවේ නවතම දිගහැරුම වන ‘Avatar: Fire and Ash’, ප්‍රදර්ශනය ආරම්භ කර දින 15ක් (සති අන්ත තුනක්) වැනි කෙටි කාලයක් තුළ අමෙරිකානු ඩොලර් බිලියනයක සීමාව පසුකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම චිත්‍රපටය උතුරු අමෙරිකාවෙන් ඩොලර් මිලියන 300ක් සහ ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 700ක් උපයා ගැනීමට සමත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ අනුව ලොව වැඩිම ආදායම් ලැබූ චිත්‍රපට අතර ඩොලර් බිලියනයේ සීමාව වේගයෙන්ම පසු කළ 8 වන චිත්‍රපටය බවට මෙය පත්විය.

මෙය Disney සමාගමේම ‘Zootopia 2’ චිත්‍රපටය පිහිටුවා තිබූ වාර්තාව අභිබවා යාමක්.

මේ අතර, මෙලෙස ඩොලර් බිලියන ඉක්මවූ ආදායමක් ලැබූ ජේම්ස් කැමරන්ගේ සිව්වන චිත්‍රපටය මෙයයි.

මීට පෙර Avatar, Avatar: The Way of Water සහ Titanic යන චිත්‍රපට ද මෙම කඩඉම පසුකර තිබේ.

World News

Send your contact Details Today