Latest News

අමෙරිකා – වෙනිසියුලා අර්බුදයෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිලට සිදු වන දේ

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙ­රි­කානු හමු­දාව විසින් වෙනි­සි­යු­ලාව ආක්‍ර­ම­ණය කිරීම සහ එරට ජනා­ධි­ප­ති­ව­රයා අත්අ­ඩං­ගු­වට ගැනීම තුළින් ලෝක වෙළෙ­ඳ­පොළේ තෙල් මිලට බලපෑමක් සිදු නොවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ දින­යේදී ද ලෝක වෙළෙ­ඳ­පොළේ තෙල් මිලෙහි වෙන­සක් සිදුවී නැති බවත්, බ්‍රෙන්ට් බොර­තෙල් මිල 1% කින් පමණ පහත වැටී ඇති බවත් එංගලන්තයේ ගාඩි­යන් පුවත් සේවය වාර්තා කළේය.

අති­වි­ශාල බොර­තෙල් සංචි­ත­යක් පිහිටි වෙනි­සි­යු­ලාව ලෝක වෙළෙ­ඳ­පො­ළට නිකුත් කරනු ලබන තෙල් ප්‍රමා­ණය සැල­කිය යුතු මට්ට­මක නොති­බී­මත්, වෙනිසියුලාවෙන් තෙල් ආන­ය­නය කරන ඉන්දි­යාව ඇතුළු බොහෝ රට­වල් අමෙ­රි­කාව විසින් මීට වසර කිහි­ප­ය­කට පෙර පන­වන ලද සම්බා­ධක හේතු­වෙන් තෙල් ආන­ය­නය පහත දැමී­මත් ඊට හේතුවී ඇතැයි වාර්තා වේ.

වසර 2000 සිට 2010 දක්වා වෙනි­සි­යු­ලාවේ විශා­ල­තම බොර­තෙල් ගැනු­ම්කරු බවට පත්වී සිටි ඉන්දි­යාව අමෙ­රි­කාවේ ද්විතී­යික සම්බා­ධක වළක්වා ගැනීම සඳහා 2019 වසරේ සිට එර­ටින් තෙල් ආන­ය­නය කිරීම අඩු කර තිබූ අතර, එය පසු­ගිය වසර වන­විට 81.3% දක්වා පහත වැටී ඇතැයි ද වාර්තා වේ.

World News

Send your contact Details Today