Latest News

වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිනිය දිවුරුම් දෙයි

Published 26 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වෙනිසියුලාවේ අන්තර්වාර ජනාධිපතිනිය ලෙස එරට උප ජනාධිපතිනී ඩෙල්සි රොඩ්‍රිගස් අද (06) අලුයම දිවුරුම් දී තිබේ.

ඒ, වෙනිසියුලාවේ ජාතික සභාවේ සභාපතිවරයා සහ ඇගේ සහෝදරයා වන ජෝර්ජ් රොඩ්‍රිගස් ඉදිරියේයි.

56 හැවිරිදි ඩෙල්සි රොඩ්‍රිගස් මදුරෝගේ සමීපතමයෙකු වන අතර ඇය 2018 වසරේ සිට වෙනිසුවෙලාවේ උප ජනාධිපති ධුරයේ කටයුතු කළාය.

ඇය එරට වත්මන් ඛනිජ තෙල් අමාත්‍යවරිය ලෙස ද කටයුතු කරන අතර මීට පෙර මුදල් සහ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරවල ද සේවය කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන්.

මේ අතර ඊයේ (05) දිනයේ දී නිකොලස් මධුරෝ හා ඔහුගේ බිරිඳ නිව්යෝර්ක් අධිකරණයට ඉදිරිපත් කළහ.

එහිදී මධුරෝ කියාසිටියේ තමා තවමත් වෙනිසියුලා ජනාධිපතිවරයා වන අතර මත්ද්‍රව්‍ය ජාවාරම් හා ත්‍රස්තවාදය සම්බන්ධයෙන් තමන්ට එල්ල කරන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

World News

Send your contact Details Today