Latest News

ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනී, රුසියාවට පලා යෑමට සූදානමක්

Published 27 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

නිලකස් මදුරෝ සහ බිරිඳ අමෙරිකාව විසින් පැහැර ගැනීම කෙරෙහි ඉරානය අවධානය යොමු කළ යුතු බවත්, එයින් පාඩමක් ඉගෙන ගත යුතු බවත් ඊශ්‍රායලය පවසයි.

ඊශ්‍රායලය දිගින් දිගටම චෝදනා කරන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බවය.

මීට මාස කීපයකට පෙර, ඊශ්‍රායලය සහ ඉරානය අතරේ අවි ගැටුම් හටගනිද්දී අමෙරිකාව, ඊශ්‍රායලයේ සහායට පැමිණියේ ඉරානයේ න්‍යෂ්ටික ඉලක්කවලට පහර දී විනාහ කරමිණි.

ට්‍රම්ප් පැවැසුවේ, එම ප්‍රහාරවලින් ඉරානයේ න්‍යෂ්ටික කටයුතු වසර ගණනාවකින් ආපස්සට හැරුණු බවය.

ජීවන වියදම ඉහළ යෑම සම්බන්ධයෙන් මේ වනවිට ඉරාකයේ විරෝධතා පැවැත්වෙයි.

ඉරාන වැසියෝ දස දහස් ගණනින් ප්‍රධාන නගරවල වීදි බැස විරෝධතා පවත්වති. මෙම විරෝධතාකරුවන් මර්දනයට ඉරාන රජය උත්සාහ ගනිමින් සිටී.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ විරෝධතා සඳහා එක්වන විරෝධතාකරුවන් පහර දී මරා දැමුවොත්, ඉරානයට ඒ සම්බන්ධයෙන් වන්දි ගෙවීමක් කිරීමට සිදුවනු ඇති බවය.

ඉරානයේ රජයට එරෙහිව පැවැත්වෙන විරෝධතා උත්සන්න වුවහොත්, ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා කමේනී රුසියාවට පලා යෑමට සූදානමින් සිටින බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. රුසියාව සහ ඉරානය අතරේ සමීප මිත්‍රත්වයක් පවතී.

World News

Send your contact Details Today