ශ්‍රී ලංකාවේ වෙරළ තීරයකට ඉන්දීය ජාතික ධජයක් සහිත යානයක කොටසක් අද උදෑසන ගොඩගසා ඇත.
ඒ මඩකලපුවේ මන්මුනයි දකුණු එරුවිල් පත්තු ප්‍රදේශයේ ඔන්තාචිමඩම් වෙරළ තීරයටයි.
ඉන්දීය ජාතික ධජය සමඟ මිට පෙරද මෙවැනිම කොටසක් ත්‍රිකුණාමලය වෙරළට ගොඩ ගසා තිබුණි.
මෙය ඉන්දීය අභ්‍යාවකාශ යානයක කොටසක් විය හැකි බවට සැලකෙයි.



