තායිවානයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී චීනය හමුදා අභ්‍යාස පැවැත්වීම සම්බන්ධයෙන් කැනඩාව විරෝධය පළ කර තිබේ.
ඒ අනුව චීනයේ එවැනි ක්‍රියා හමුවේ නැගෙනහිර ආසියාවේ ආතතීන් උත්සන්න කෙරෙන බවයි කැනඩාව පවසා ඇත්තේ.
චීනයේ මහජන විමුක්ති හමුදාවපවසා තිබුණේ, තායිවානයට ඔබ්බෙන් වූ මුහුදේ දින දෙකක හමුදා අභ්‍යාස “සාර්ථකව අවසන් කළ” බවත්, දිවයින පුරා තම ස්වෛරීභාවය තහවුරු කිරීම අරමුණු කරගත් අධි බලැති උපාමාරු මාලාවක් අවසන් කළ බවයි.
Global Affairs Canada දෙපාර්තමේන්තුව මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, කැනඩාව තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා පවතින තත්ත්වය වෙනස් කිරීමට ගන්නා ඕනෑම ඒකපාර්ශ්වික උත්සාහයකට විරුද්ධ බවයි.
මේ අතර නැගෙනහිර සහ දකුණු චීන මුහුද සම්බන්ධ කරන සමුද්‍ර සන්ධිය ජාත්‍යන්තර ප්‍රජාවේ ආරක්ෂාව සහ සමෘද්ධිය සඳහා අත්‍යවශ්‍ය බව ද එම දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
එමෙන්ම ඔවුන් පවසන්නේ මෙම ජල මාර්ගයේ සාමකාමී සහ ප්‍රවේශ විය හැකි ස්වභාවය පවත්වා ගැනීම සියලු පාර්ශ්වයන්ගේ උනන්දුව විය යුතු බවයි.