Latest News

ට්‍රම්ප්ගෙන්, ලතින් අමෙරිකා රටවල් දෙකකට සහ මැදපෙරදිග රටකට අනතුරු ඇඟවීමක්

Published 27 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලතින් අමෙරිකා රටවල් දෙකක් වන කියුබාවටත්, කොලොම්බියාවටත්, මැදපරදිග කලාපයේ පිහිටි ඉරානයටත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අනතුරු ඇඟවීමක් කර ඇත.

ඒ හමුදාව යොදවා වෙනිසියුලාවට පහර දී, එරට ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා අත්අඩංගුවට ගෙන, අමෙරිකාවට ගෙන්වා ගත් උණුසුම් පසුබිමකයි.

කොලොම්බියාව සෘජුව වෙනිසියුලාවට මායිම්ව පිහිටයි. ට්‍රම්ප්ගේ අණින්, අමෙරිකන් හමුදාවේ ඩෙල්ටා ෆෝස් සෙබළුන්, වෙනිසියුලාවේ කැරකස් අගනුවරට පහර දෙමින්, වෙනිසියුලා ජනාධිපතිවරයා මදුරෝ සහ බිරිඳ අල්ලාගෙන අමෙරිකාවට රැගෙන ආවේ, මදුරෝ සහ බිරිඳ මත්ද්‍රව්‍ය ජාවාරවලට අනුග්‍රහය දීම යන චෝදනාවල යටතේය.

ට්‍රම්ප් විසින් ත්‍රස්ත සංවිධාන ලෙස නම් කරනු ලැබූ වෙනිසියුලාවේ ක්‍රියාත්මක ‘කාටෙල් ඩි ලොස් සෝල්ස්’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියට මදුරෝ පමණක් නොව බිරිඳ සීලියා සෘජුව සම්බන්ධ යැයි ඇමෙරිකන් ආරක්ෂක අංශ තහවුරු කර ඇත.

කොලොම්බියා ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ ද මදුරෝ මෙන්, කොලොම්බියාවේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිවලට අනුග්‍රහය දෙන බවටත්, කොලොම්බියාව හරහා ද අමෙරිකාවට කොකේන් මත්ද්‍රව්‍ය ගෙන ඒම සිදුවන බවටත් ජනාධිපති ට්‍රම්ප් චෝදනා කර තිබේ.

‘මා හිතන්නේ කොලොම්බියා ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ කල්පනාවෙන් වැඩ කළ යුතුයි. ඔහුට මා කීප වතාවක් අනතුරු ඇඟවීම් කර තිබෙනවා. වැඩ වරද්දා ගන්න එපා. එසේ කළොත් මදුරෝට සිදුවුණු ආකාරයේ ‘අකරතැබ්බක්’ වෙන්න බැරි නැහැ’ යැයි ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අවධාරණය කර ඇත.

කියුබාවට අනතුරු ඇඟවීමක් කරමින්, ට්‍රම්ප් පැහැදිලි කර ඇත්තේ කියුබා රජය අඩපණ වී කඩා වැටීමේ අවදානමක් ඇති බවය. ‘කියුපාව කඩා වැටෙන්න ඔන්න මෙන්න. මා හිතන්නේ නැහැ ඔවුන්ට වැඩි දවසක් අල්ලන් යන්න පුළුවන් වේවි මා හිතන්නේ නැහැ. කියුබාවේ පැවැත්ම මෙතෙක් කල් රඳා පැවැතුණේ වෙනිසියුලාව නිසයි. දැන් එය වෙනස් වේවි.’ යැයි අමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

වෙනිසියුලා ජනාධිපති මදුරෝ සහ බිරිඳ අල්ලාගෙන අමෙරිකාවට ගෙන ඒම සම්බන්ධයෙන් ඉරානය සිය විරෝධය පළ කර ඇත.

මීට ප්‍රතිචාර දක්වමින්, අමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ අමෙරිකාවේ උදහසට ලක් නොවිමට ඉරානය කටයුතු කළ යුතු බවය.

World News

Send your contact Details Today