කිසිඳු රටකට ජාත්‍යන්තර පොලීසිය ලෙස ක්‍රියා කළ නොහැකි බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ බෙයිජිං නගරයේදී පැවති චීන – පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ උපායමාර්ගික සංවාදයේදීයි.
ජාත්‍යන්තර සබඳතාවලදී බලය භාවිත කරන බවට තර්ජනය කිරීමට චීනය නිරන්තරයෙන් විරුද්ධ වන අතර, එක් රටක කැමැත්ත පරිදි තවත් රටක් අනතුරට ලක් කිරීමට චීනය දැඩිව විරුද්ධ වන බව සඳහන් කළේය.
වෙනිසියුලාවේ තත්ත්වය ජාත්‍යන්තරයේ දැඩි අවධානයට ලක්ව ඇති බව ද Wang Yi මහතා එහිදී පැවසීය.
පාකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය Ishaq Dar මහතා ද බෙයිජිං නගරයේදී පැවති චීන – පාකිස්ථාන විදේශ අමාත්‍යවරුන්ගේ උපායමාර්ගික සංවාදයට එක්ව සිටියේය.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු ආරක්ෂා කරමින් අනෙකුත් රටවල ස්වෛරීභාවය උල්ලංඝනය කරන හිරිහැර කිරීම්වලට විරුද්ධ වීමට චීන – පාකිස්ථාන දෙපාර්ශ්වය එහිදී එකඟ වී තිබේ.