ඉතාලි පැස්ටා සඳහා යෝජිත තීරුබදු පිළිබඳව නව තීරණයක් එක්සත් ජනපද රජය ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව යුරෝපීය කෘෂි ආහාර ආනයන සඳහා පවතින සියයට 15 ක සාමාන්‍ය තීරුබදුවට අමතරව සියයට 91 ක අතිරේක “ප්‍රචණ්ඩ විරෝධී” බද්දක් මෙම තීරුබදු මඟින් යෙදෙනු ඇති.
එමඟින් ඉතාලි පැස්ටා සඳහා වන තීරුබදු දැවැන්ත සියයට 107 දක්වා ඉහළ යනු ඇති බව සඳහන්.
නව සැලසුම් යටතේ, එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුව (DoC) තීරුබදු සියයට 2 ත් 14 ත් අතර ප්‍රමාණයකට අඩු කර ඇති අතර, අවසන් තීරණය මාර්තු මස මුලදී විධිමත් ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
මේ අතර 2023 ජූලි සිට 2024 ජුනි දක්වා කාලය තුළ ප්‍රධාන ඉතාලි නිෂ්පාදකයින් දෙදෙනෙකු වන ලා මොලිසානා සහ ගරොෆාලෝ වෙළඳපල වටිනාකමට වඩා අඩු මිලකට පැස්ටා අලෙවි කළ බවට DoC විසින් කරන ලද පරීක්ෂණයකින් හෙළි වීමෙන් පසුව, තර්ජනයට ලක් වූ අමතර තීරුබදු “ඩම්ප් කිරීමේ” චෝදනා අදාළ සමාගම විසින් ප්‍රතික්ෂේප කළහ.
කෙසේවෙතත් ලා මොලිසානා සඳහා පැනවීමට නියමිත තීරුබදු සියයට 2.26 දක්වා අඩු කරන අතර ගැරොෆාලෝ සඳහා වන තීරුබදු සියයට 13.98 ක් ලෙස නියම කරන බව ඉතාලි විදේශ අමාත්‍යාංශය පැවසූ අතර ඉතිරි පැස්ටා නිෂ්පාදකයින් 11 දෙනා සියයට 9.09 ක තීරුබදුවලට මුහුණ දීමට නියමිතය.