එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව සඳුදා අලුයම උතුරු ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මධ්‍යස්ථ 5.4 ක භූමිකම්පාවක් ඇති විය.
භූතානය සමඟ ඉන්දියාවේ දේශසීමාව අසල ඩිං ගම්මානයෙන් කිලෝමීටර් තුනක් පිටත නොගැඹුරු භූමිකම්පාව කේන්ද්‍රගත වී ඇති අතර එය අලුයම 4:17 ට පමණ ඇති වී තිබේ.
මධ්‍යම ඇසෑම්හි මොරීගාඕන් සහ අවට දිස්ත්‍රික්කවලට මෙහි කම්පන දැඩි ලෙස දැනී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත්, මේ වන තෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති බව එරට බලධාරීන් සඳහන් කර සිටී.
ඇසෑම් ඇතුළු ඊසානදිග ඉන්දියාව අයත් වන්නේ රටේ වඩාත්ම සංවේදී භූ කම්පන කලාපයට (Seismic Zone V) බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.