සුපිරි බොලිවුඩ් සුපිරි නලු ෂාරුක් ඛාන් ඉන්දියාවේ ‘ද්‍රෝහියෙකු’ බවට දෝෂාරෝපණ එල්ල වෙමින් පවතී.
ඒ ඉන්දීය රුපියල් කෝටි 9.2කට (ශ්‍රී ලංකා රුපියල් කෝටි 31කට) කොල්කටා නයිට් රයිඩර්ස් පිල බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන් මිලදී ගැනීමත් සමඟයි.
ඒ අනුව බංග්ලාදේශය තුළ හින්දු භක්තිකයන්ට එරෙහිව ම්ලේච්ඡ ක්‍රියා සිදුවෙද්දී, බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයාට විශාල මුදලක් ගෙවා පත්වීමක් දීම හේතුවෙන් හින්දු ආධ්‍යාත්මික නායකයන් හා ඇතැම් දේශපාලන නායකයන් මෙලෙස ෂාරුක් ඛාන්ට බැණ තර්ජනය කිරීමට පියවර ගෙන ඇති බවයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.
තවද ම්ලේච්ඡ ක්‍රියා හේතුවෙන් ඝාතනයට ලක් වූ හින්දු දරුවන්ගේ පවුල්වලට මුස්තාෆිසුර්ට ගෙවීමට සූදානම් වූ රුපියල් කෝටි 9.2ක ගාස්තුව ගෙවන ලෙස හින්දු ආධ්‍යාත්මික නායකයකු වන දේව්කිනන්දන් තාකූර් මහතා ෂාරුක් ඛාන්ගෙන් ඉල්ලා සිට තිබේ.
එමෙන්ම භාරතීය ජනතා පක්ෂ නායක සංගීත් සෝම් විසින් ද ෂාරුක් ඛාන් ප්‍රසිද්ධියේම විවේචනය කර තිබෙන බව ද සඳහන්.
කෙසේ වුවද මිලදී ගත් වමත් වේග පන්දු යවන්නා, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියෝගය මත ෂාරුක් ඛාන්ගේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් ඉවත්කොට ඇති අතර, ඒ වෙනුවෙන් වෙනත් ක්‍රීඩකයකු බඳවා ගන්නා ලෙස පාලක මණ්ඩලය දැනුම්දී තිබේ.
මේ අතර, බංග්ලාදේශය ඉන්දියාවට එරෙහිව එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් ඩකාහිදී පැවැත්වීමට නියමිතය.
ඉන්දීය ක්‍රිකට් මණ්ඩලය රජයේ අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බැවින් තරග සංචාරය පිළිබඳ අවිනිශ්චිත තත්ත්වයක් ද මතුව ඇත.