ස්ටාර්ලින්ක් සමාගම සිය චන්ද්‍රිකා ජාලයේ සුවිශේෂී ප්‍රතිසංස්කරණයක් ආරම්භ කර තිබේ.
ඒ අභ්‍යවකාශයේ සිදුවිය හැකි මහා පරිමාණ චන්ද්‍රිකා ගැටුම් සහ අභ්‍යවකාශ අපද්‍රව්‍ය (Space Debris) අවම කිරීමේ අරමුණින්.
ඒ අනුව 550kmක උසින් කක්ෂගත කර ඇති චන්ද්‍රිකා දහස් ගණනක් තවත් 70kmකින් පමණ පහතට ගෙන ඒමටයි සමාගම තීරණය කර ඇත්තේ.
ස්ටාර්ලින්ක් ඉංජිනේරු අංශයේ උප සභාපති මයිකල් නිකොල්ස් පවසන්නේ මෙම වසරේදී චන්ද්‍රිකා 4,400ක කක්ෂීය උස 480km දක්වා පහත හෙළනු ලබන බවයි.
අභ්‍යවකාශයේ පවතින තදබදය මෙම තීරණයට ප්‍රධානම හේතුව වී තිබේ.
500kmට අඩු කලාපය තුළ පවතින චන්ද්‍රිකා සහ අපද්‍රව්‍ය ප්‍රමාණය සාපේක්ෂව අඩු වීම නිසා ගැටුම් ඇතිවීමේ අවදානම 80%කින් පමණ අඩු කරගත හැකි බවයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.
මේ අතර, ඉදිරියේදී පැමිණීමට නියමිත Solar Minimum කාලසීමාව තුළ වායුගෝලීය ඝනත්වය අඩුවීම නිසා අක්‍රීය වන චන්ද්‍රිකා පෘථිවියට කඩාවැටීමට වසර 4ක් වැනි දිගු කාලයක් ගතවෙයි.
එහෙත් කක්ෂය පහත හෙළීම හරහා අක්‍රීය වන චන්ද්‍රිකා මාස කිහිපයක් ඇතුළත වායුගෝලයට ඇතුළු වී විනාශ වී යන බැවින් අභ්‍යවකාශ අපද්‍රව්‍ය එක්රැස් වීම වළක්වා ගැනීමට මෙම පියවර මහත් පිටුවහලක් වනු ඇති.
පසුගිය දෙසැම්බර් මාසයේදී චීන චන්ද්‍රිකා සමූහයක් සමඟ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකාවක් ගැටීමට ගිය ආසන්න අවස්ථාවක් ද මෙම තීරණය වේගවත් කිරීමට හේතු වී තිබේ.