Latest News

අමෙරිකාව සහ වෙනිසියුලාව අතර සිදු වුණේ මොකක්ද – සවිස්තර වාර්තාව මෙන්න

Published 29 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

වෙනිසියුලාවේ අගනුවර වන කැරකස්හි එරට වේලාවෙන් ඊයේ (03) අලුයම පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්, හමුදා පහසුකම් ඇතුළුව වෙනිසියුලාව තුළ ඇති මර්මස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බවයි එක්සත් ජනපද නිලධාරීන් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

වෙනිසියුලානු භූමියට එරෙහිව වත්මන් අමෙරිකානු රජය විසින් සිදු කරන ලද අතිශය බරපතල මිලිටරි ආක්‍රමණය ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ ප්‍රතික්ෂේප කර හෙළාදකින බවයි වෙනිසියුලානු රජය පවසන්නේ.

ඉන් පසුව වෙනිසියුලානු ජනාධිපති නිකලස් මධුරෝ විසින් රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

පවතින තත්ත්වය හමුවේ, වහාම බලමුළුගැන්වීමේ සැලසුම් සක්‍රීය කරන ලෙස ජනාධිපතිවරයා එරට සියලුම සමාජ හා දේශපාලන බලවේගවලින් ඉල්ලා සිටියි.

වෙනිසියුලාවේ කරාකස් අගනුවර සිදුවූ පිපිරීම් මාලාව ප්‍රහාරයක් බවත්, ඒ සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග ලබා දී ඇති බවත් BBCය තහවුරු කර තිබේ.

කෙසේවෙතත් අමෙරිකානු හමුදා භාරයට ගත් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ වන සිලියා ෆ්ලෝරස්ට එරෙහිව නිව්යෝර්ක් දකුණු දිස්ත්‍රික් අධිකරණයේ අපරාධ නඩු පවරා ඇති බව ඇමරිකානු නීතිපති පැම් බොන්ඩි (Pam Bondi) නිල වශයෙන් නිවේදනය කළේය.

අමෙරිකානු නීතිපතිවරියට අනුව මදුරෝ යුවළට එරෙහිව මත්ද්‍රව්‍ය ජාවාරම සහ ත්‍රස්තවාදය ඇතුළු බරපතල චෝදනා රැසක් යටතේ අධිචෝදනා ගොනු කර තිබේ.

ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම හරහා ත්‍රස්තවාදී කටයුතුවලට අනුබල දීම, ඇමරිකාව තුළට විශාල වශයෙන් කොකේන් මත්ද්‍රව්‍ය ගෙන්වීමට කුමන්ත්‍රණය කිරීම, මාරක අවි සහ පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, මැෂින් තුවක්කු සහ විනාශකාරී උපකරණ ඇමරිකාවට එරෙහිව භාවිතා කිරීම සඳහා ළඟ තබා ගැනීම සහ ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම වැනි චෝදනා ඊට අයත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මෙම සිදුවීම ගෝලීය මට්ටමින් දැඩි කතාබහට ලක්ව ඇති අතර, රුසියාව ඇතුළු රටවල් කිහිපයක් ඇමෙරිකානු මැදිහත්වීම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනයක් ලෙස හෙළා දැක තිබේ.

කෙසේවෙතත් වෙනිසියුලානු ජනපතිවරයා සහ ඔහුගේ බිරිඳ, අමෙරිකානු හමුදා විසින් සිය භාරයට ගැනීම ‘රූපවාහිනී වැඩසටහනක්’ නැරඹීම වැනි හැඟීමක් තමා හට ගෙන දුන් බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබුණි.

“වචනාර්ථයෙන් මම රූපවාහිනී වැඩසටහනක් නරඹනවා වගේ, ඔබ වේගය, ප්‍රචණ්ඩත්වය දුටුවා නම්, එය විශ්මයජනක දෙයක්,” යැයි ට්‍රම්ප් පවසා තිබේ.

තම හමුදා ඇදහිය නොහැකි කාර්යයක් කළ බවත් එයට ප්‍රශංසා කරන අතරම මෙවැනි දෙයක් කළ හැකි වෙනත් රටක් පෘථිවියේ නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වෙනිසියුලාවට එල්ල කළ ප්‍රහාරයෙන් පසු එරට ජනාධිපති නිකලොස් මධුරෝ අමෙරිකානු අත්අඩංගුවට ගත් ආකාරය සම්බන්ධව ඩොනල්ඩ් ට්‍රම්ප් පළමු වරට අදහස් දක්වා තිබේ.

ඒ සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමින් එරට වේලාවෙන් මේ වන විට පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේදීය.

එහිදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් සිටියේ තමන්ගේ මග පෙන්වීම අනුව වෙනිසියුලාවේ අගනුවර රාත්‍රියේ සහ උදෑසන දක්වා ගුවනින්, ගොඩබිමින් සහ මුහුදු මගින් අසාමාන්‍ය හමුදා මෙහෙයුමක් සිදුකළ බවය.

එමෙන්ම මේ වන විට වෙනිසියුලානු ජනාධිපතිවරයා එක්සත් ජනපද ග්‍රහණයේ සිටින බැවින් ආරක්ෂිත නිසි සහ විචක්ෂණශීලි බල හුවමාරුවක් කළ හැකි කාලයක් ලැබෙන තුරු එක්සත් ජනපදය විසින් වෙනිසියුලාව පවත්වාගෙන යන බවද අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේය.

වෙනිසියුලාව සමග එක්සත් ජනපද හවුල්කාරීත්වය වෙනිසියුලාවේ ජනතාව පොහොසත් සහ ආරක්ෂිත බවට පත් කරනු ඇති බවත් මේ තුළින් අමෙරිකා එක්සත් ජනපදයේ වෙසෙන වෙනිසියුලානු ජාතිකයින් අතිශයින්ම සතුටු වනු ඇති බවත් අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම වෙනිසියුලාවේ සියලුම දේශපාලන හා හමුදා නායකයින් මධුරෝට සිදුවූ දේ ඔවුන්ටත් සිදුවිය හැකි බව තේරුම් ගත යුතු බවත් අමෙරිකානු ජනාධිපතිවරයා මෙහිදී අනතුරු ඇඟවීය.

ජාතිය ඇමතීමේදී අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ මධුරෝ නීති විරෝධී ඒකාධිපතියෙකු ලෙසත් ඔහු මාරාන්තික නීති විරෝධී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් එක්සත් ජනපදයට ගෙන ඒමේ වගකීම දැරිය යුතු බවත්ය. ඒ අනුව මධුරෝ සහ ඔහුගේ බිරිඳ දැන් අමෙරිකානු යුක්තියට මුහුණ දීමට නියමිත බවද ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ මේ වන විට ඔවුන් නිව්යෝර්ක් බලා එන අමෙරිකානු USS Iwo Jima නෞඛාවේ රඳවා සිටින බවය.

එමෙන්ම ඔවුන් නිව්යෝර්ක් වෙත පැමිණි පසු එක්සත් ජනපදයට සහ එහි පුරවැසියන්ට එරෙහිව මාරාන්තික මත්ද්‍රව්‍ය සහ ත්‍රස්තවාදී ව්‍යාපාරය සම්බන්ධයෙන් නිව්යෝර්ක් හීදි අධිචෝදනා ගොනු කර ඇති බවත් ට්‍රම්ප් මෙහිදී සඳහන් කළේය.

ට්‍රම්ප් චෝදනා කළේ එක්සත් ජනපදයට මුහුදු මගින් පැමිණෙන මත්ද්‍රව්‍ය 97%ක්ම සොයාගෙන ඇති බවත් මෙම මත්ද්‍රව්‍ය වෙනිසියුලාවෙන් පැමිණෙන බවත්ය.

තවද වෙනිසියුලාවයට එරෙහිව දෙවන හා ඊටත් වඩා විශාල ප්‍රහාරයක් එල්ල කිරීමට එක්සත් ජනපදය සූදානම් බවත් පළමුව දෙවන කැරැල්ලක් සිදුකිරීමට සූදානම්ව සිටි නමුත් පළමු ප්‍රහාරයේ සාර්ථකත්වය සැලකිල්ලට ගනිමින් දැන් එය එසේ නොවනු ඇති බවත් ට්‍රම්ප් මෙහිදී පැවසීය.

එමෙන්ම වෙනිසියුලාවේ බිඳවැටී ඇති යටිතල පහසුකම් සහ ඛනිජ තෙල් ව්‍යාපාරය අමෙරිකානු සමාගම් හරහා යළි ගොඩනැංවීමටද කටයුතු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ අතර අමෙරිකානු හමුදා නිලධාරීන් විසින් අල්ලාගත් වෙනිසියුලානු ජනාධිපතිගේ රුවක් පළමුවරට ට්‍රම්ප් නිකුත් කලේය.

ඒ ඔහුගේ Truth Social ගිණුමේය…

World News

Send your contact Details Today