Oracle of Omaha යන විරුදාවලිය ලත් 95 හැවිරිදි වොරන් බෆට් (Warren Buffett) ඊයේ (01) දින සිය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් වී තිබේ.
ඒ සිය වෘත්තීය ජීවිතයේ තීරණාත්මක පියවරක් තබමින්.
ඔහු සමුගන්නා විට Berkshire Hathaway සමාගම අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයකට වඩා වැඩි වෙළඳපොළ අගයක් සහිතව ඉතිහාසයේ ඉහළම මට්ටමක පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
අමෙරිකා එක්සත් ජනපදයේ තාක්ෂණික නොවන සමාගමක් ඩොලර් ට්‍රිලියනයේ සීමාව ඉක්මවා ගිය දුර්ලභ අවස්ථාවන්ගෙන් එකක් ලෙස Berkshire Hathaway ඉතිහාසයට එක්වෙයි.
සිය සුපුරුදු සරල සහ නිහඬ පිළිවෙත අනුගමනය කරමින්, බෆට් සිය අවසන් දිනය වෙනුවෙන් කිසිදු විශේෂ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු නොකිරීමට වගබලා තිබීම විශේෂත්වයක්.