Latest News

නිව්යෝක් නුවර නව නගරාධිපති දිවුරුම් දෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ නිව්යෝක් නුවර නව නගරාධිපතිවරයා ලෙස අද (01) සොහ්රාන් මම්දානී දිවුරුම් දුන්නේය.

ඒ නිව්යෝර්ක් නීතිපති ලෙටීශියා ජේම්ස් ඉදිරියෙදී වේ.

අමෙරිකාවට 2026 වසර උදාවී විනාඩි කිහිපයක් තුළ නිව්යෝක් නුවර ඓතිහාසික සිටි හෝල් උමං දුම්රිය ස්ථානයේ පියගැටපෙළ මතදී සිදුවූ දිවුරුම් දීමේ උත්සවයට මම්දානීගේ බිරිඳ වන රාමා දුවාජිද එක්ව සිටියාය.

පසුගිය නොවැම්බර් මාසයේදී 34 හැවිරිදි සොහ්රාන් මම්දානී බහුතර ඡන්දයෙන් නිව් යෝක් නුවර නගරාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ‍ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ දැඩි විරෝධය හමුවේ වීම විශේෂත්වයක්.

World News

Send your contact Details Today