Latest News

ඉරාන මුදල් ඒකකය වාර්තාගත ලෙස කඩා වැටෙයි – මහජන විරෝධතා රැල්ල ප්‍රධාන නගර රැසකට ව්‍යාප්ත වෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉරාන රියාල් මුදල් ඒකකයේ අගය වාර්තාගත ලෙස පහත වැටීමත් සමඟ එරට හටගෙන ඇති මහජන විරෝධතා අඛණ්ඩව තුන්වන දිනටත් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ඩොලරයකට සාපේක්ෂව ඉරාන රියාලයේ අගය දරුණු ලෙස කඩාවැටීමට ලක්වීම සහ උද්ධමනය දෙසැම්බර් මාසය වන විට සියයට 50 ඉක්මවා යෑම හේතුවෙන් ආහාර ද්‍රව්‍යවල මිල දරාගත නොහැකි ලෙස ඉහළ යෑම මීට හේතුවයි.

ඒ අනුව ටෙහෙරාන් අගනුවර ‘ග්‍රෑන්ඩ් බසාර්’ වෙළෙඳපොළේ ව්‍යාපාරිකයන් සිය කඩසාප්පු වසා දමා වැඩ වර්ජනයක් ආරම්භ කිරීමත් සමඟ මෙම විරෝධතා ආරම්භ වී තිබේ.

මෙම විරෝධතා සඳහා අඟහරුවාදා වන විට විශ්වවිද්‍යාල සිසුන් ද විශාල වශයෙන් එක්වී ඇති අතර, ටෙහෙරාන් විශ්වවිද්‍යාලය ඇතුළු ප්‍රධාන අධ්‍යාපන ආයතන කිහිපයක උද්ඝෝෂණ සංවිධානය කර ඇති බවයි වාර්තා වන්නේ.

ටෙහෙරානයට අමතරව ඉස්ෆහාන්, ශිරාස්, මෂාඩ් සහ කර්මන්ෂා වැනි ප්‍රධාන නගර රැසකට මේ වන විට විරෝධතා ව්‍යාප්ත වී තිබේ.

විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ බලය භාවිතා කර ඇති අතර සැලකිය යුතු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.

World News

Send your contact Details Today