Latest News

යුරෝපයේ ප්‍රධාන නගර යා කරන දුම්රිය සේවාවක බිඳ වැටීමක්

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යුරෝපයේ මගීන් දහස් ගණනකට දුම්රිය මැදිරි තුළ රාත්‍රිය පහන් කිරීමට සිදුව තිබේ.

ඒ ප්‍රධාන නගර යා කරන යුරෝස්ටාර් දුම්රිය සේවාවේ ඇති වූ දැඩි ප්‍රමාදයන් සහ අවලංගු කිරීම් හේතුවෙන්.

අධික වර්ෂාව නිසා උමං මාර්ග ජලයෙන් යටවීම සහ තාක්ෂණික දෝෂ මෙයට ප්‍රධාන හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.

දුම්රිය අතරමග නතර වීම නිසා සිය ගණනක් මගීන් ආහාර, ජලය හෝ නිසි වාතාශ්‍රය නොමැතිව පැය ගණනාවක් දුම්රිය තුළ සිරවී ඇති බවද සඳහන්.

මෙම තත්ත්වය උදා වූයේ උත්සව සහ නිවාඩු සමයේ වැඩි පිරිසක් සංචාරය කරන වකවානුවක බැවින් දහස් සංඛ්‍යාත පිරිසක් දුම්රිය ස්ථානවලද අතරමංව තිබේ.

World News

Send your contact Details Today