දෙසැම්බර් 31 වන දින 00.01 සිට 2026 ජනවාරි 6 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා රෝමය තුළ රතිඤ්ඤා, බැන්ගර්, රොකට් සහ අනෙකුත් පුපුරණ ද්‍රව්‍ය භාවිතය තහනම් කර ඇත.
නගරයේ නගරාධිපති රොබර්ටෝ ගුවල්ටියරි විසින් අත්සන් කරන ලද අලුත් අවුරුදු නීතිවලට අනුකූල වීමට අපොහොසත් වන අයට යුරෝ 25 සිට යුරෝ 500 දක්වා දඩ මුදල් අය කෙරේ.
කෙසේවෙතත් ආරක්ෂිත සහ අඩු ඝෝෂාකාරී ගිනිකෙළි භාවිතය සඳහා මෙම නීතිය බලපැවැත් නොවනු ඇත.
සාමාන්‍යයෙන් අවසාන මොහොතේ නිවේදනය කරන මෙම තහනම, අලුත් අවුරුදු කාලය තුළ රෝමයේ වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වූ දෙයක් බවයි වාර්තා වන්නේ.