Latest News

ඉතාලියේ, ලැම්පෙඩුසා වෙත පැමිණි සංක්‍රමණිකයන් 329 දෙනෙකු ප්‍රාදේශීය බලධාරීන්ගේ භාරයට

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පැය කිහිපයක් ඇතුළත ලැම්පෙඩුසා හි ගොඩබෑම් 9 ක් සිදුවී ඇති අතර, එහිදී සංක්‍රමණිකයන් 265 දෙනෙකු පැමිණ ඇති බව ප්‍රාදේශීය නිලධාරීන් තහවුරු කළේය.

ඒ අනුව ලිබියාවේ සැවියා, හෝම්ස්, සැවියා සහ සබ්‍රටා යන ස්ථාන වලින් පිටත් වූ යාත්‍රා පහක් වෙරළාරක්ෂක සහ ගාඩියා ඩි ෆිනැන්සා මුර සංචාර බෝට්ටු මගින් බේරා ගන්නා ලදී.

එහිදී අට දෙනෙකුගේ සිට 56 දෙනෙකු දක්වා වූ කණ්ඩායම් එරිත්‍රියානුවන්, මැලේසියානුවන්, සුඩාන ජාතිකයන්, ඊජිප්තුවරුන් සහ බංග්ලාදේශ ජාතිකයන්ගෙන් සමන්විත විය.

එමෙන්ම ගාඩියා ඩි ෆිනැන්සා නිලධාරීන් විසින් බාල වයස්කරුවන් දෙදෙනෙකු ඇතුළු ඊජිප්තු ජාතිකයන් අට දෙනෙකු ලැම්පෙඩුසා හි බටහිර වෙරළ තීරයේ සොයා ගන්නා ලදී.

සියලුම සංක්‍රමණිකයන් ප්‍රාදේශීය බලධාරීන්ගේ භාරයට ගෙන ඇති අතර එහි 329 දෙනෙකු සිටින බව සඳහන්.

ඉතාලි බලධාරීන් හරහා ඔවුන් සම්බන්ධව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතයි.

World News

Send your contact Details Today