ගමන් කරමින් තිබු වෑන් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් හය දෙනෙක් අද (31) උදෑසන රෝහල් ගතකර තිබේ.
ඒ රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ රත්නපුර තිරිවානාකැටිය කොමෂල් හංදිය ප්‍රදේශයේදීයි.
රෝහල් ගතකර ඇත්තේ වෑන් රථයේ ගමන්ගත් පුද්ගලයන් පස් දෙනෙක් සහ ලොරි රථයේ සහයක බවයි රත්නපුර පොලිසිය පවසන්නේ.
ලොරි රථය වෑන් රථයේ ගැටීමෙන් ලොරිය මාර්ගය මැද පෙරලීගොස් තිබූ අතර මාර්ගයේ එක් මංතීරුවක් වාහන ගමනා ගමනයට සම්පූර්ණයෙන්ම අවහිරවී තිබුණි.
අනතුරෙන් වෑන් රථයට බරපතල හානි සිදුවී තිබුණු අතර එම වෑන් රථයේ සිටි පිරිස මොනරාගල ප්‍රදේශයේ පැවැති අවමංගල උත්සනයකට සහභාගි වී නැවත ඔවුන්ගේ ගම් ප්‍රදේශය වන රත්නපුරයට එමින් සිට තිබේ.
ලොරි රථය කොළඹ සිට පැල්මඩුල්ල දෙසට ගමන්කර තිබුණේ ගොඩනැගිලි සිවිලින් ෂීට් තොගයක් සමඟයි.
රත්නපුර පොලිසිය පරීක්ෂණ සිදු කරන අතර තුවාල කරුවන් රත්නපුර ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.