Latest News

ඉන්දියාව විසින් ජපානය පසුකර යයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජපානය පසුකර ලොව සිව්වන විශාලතම ආර්ථිකය බවට පත්වීමට ඉන්දියාව සමත්ව තිබේ.

ඒ ලෝක ආර්ථික බලවතුන්ගේ ශ්‍රේණිගත කිරීම්හි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්.

ඉන්දීය රජය නිකුත් කළ වසර අවසාන ආර්ථික සමාලෝචනයට අනුව, ඉන්දියාවේ නාමික දළ දේශීය නිෂ්පාදිතය (Nominal GDP) මේ වන විට අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 4.18ක් දක්වා වර්ධනය වී ඇති බව සඳහන්.

මෙම ජයග්‍රහණයත් සමග ඉන්දියාව ලොව වේගයෙන්ම වර්ධනය වන ප්‍රධාන ආර්ථිකය ලෙස සිය ස්ථාවරය තවදුරටත් තහවුරු කරගෙන තිබේ.

ඉදිරි වසර 2.5 – 3 ඇතුළත ජර්මනිය ද පසුකරමින් ලොව තෙවන විශාලතම ආර්ථිකය බවට පත්වීම ඉන්දියාවේ මීළඟ ඉලක්කයයි.

2030 වන විට ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ට්‍රිලියන 7.3ක් වනු ඇතැයි රජය පුරෝකථනය කරනු ලබයි.

ඉහළ ආර්ථික වර්ධනයක් සහ අවම උද්ධමනයක් සහිත (High growth, Low inflation) දුර්ලභ සුබදායී ආර්ථික වටපිටාවක ඉන්දියාව පසුවන බව ආර්ථික විශ්ලේෂකයෝ පවසයි.

පසුගිය වසර 10 තුළ ඉන්දීය ආර්ථිකයේ ප්‍රමාණය දෙගුණයකින් වර්ධනය වී තිබේ.

රුසියානු තෙල් මිලදී ගැනීම් හේතුවෙන් අගෝස්තු මාසයේදී අමෙරිකාව පැනවූ දැඩි වෙළෙඳ බදු මධ්‍යයේ වුවද ඉන්දියාව මෙම ප්‍රගතිය අත්කර ගැනීම විශේෂත්වයක්.

මෙම වාර්තා පිළිබඳ අවසන් නිල තහවුරු කිරීම 2026 වසරේ මුල් භාගයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නිකුත් කිරීමට නියමිතයි.

දැනට පවතින දත්ත අනුව අමෙරිකාව සහ චීනයට පසුව ලොව බලවත්ම ආර්ථික ලැයිස්තුවේ ඉදිරියටම ඒමට ඉන්දියාව සමීප වී තිබේ.

World News

Send your contact Details Today