Latest News

රුසියා රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට රුසියා අධිකරණයකින් වසර 12ක සිර දඬුවම්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

රුසියා රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට රුසියා අධිකරණයකින් වසර 12ක සිර දඬුවම් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රුසියාවේ හිටපු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුට වසර 12ක සිර දඩුවම් මොස්කව් අධිකරණය මෙලෙස නියම කර ඇත්තේ රාජ්‍ය රහස් අලෙවි කිරීම සම්බන්ධ චෝදනාවකටයි.

ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවයන්ට ද එම තොරතුරු ලබාදී ඇති බව වාර්තා වේ.

රුසියා ෆෙඩරල් ආරක්ෂක සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ඔහු රාජද්‍රෝහි චෝදනාවන්ට වරදකරු වී ඇති බවයි.

රුසියා විදේශ අමාත්‍යංශයේ සේවකයෙකු ලෙස කටයුතු කළ ඔහු ඇමෙරිකාව තුළ රාජකාරි කටයුතු සිදුකරන කාලය තුළ දී ඇමෙරිකා බුද්ධි අංශ වෙත මුදල් සදහා රහස් තොරතුරු ලබාදී ඇති බවට තහවුරු වී තිබේ.

2024 වසරේ මාර්තු මාසයේ දී ඔහුව අත්අඩංගුවට ගැණුණු අතර දීර්ඝ විමර්ශනයකින් අනතුරුවයි දඬුවම් නියම කර ඇත්තේ.

World News

Send your contact Details Today