භූතාන දඟ පන්දු යවන ක්‍රීඩක සෝමන් යේෂි (Soman Yeshey) විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.
ඒ, එක් 20-20 තරගයකදී කඩුලු 8ක් දවාගත් ලොව පළමු පන්දු යවන්නා බවට පත්වෙමින්.
ඒ අනුව මියන්මාරයට එරෙහිව පැවැති මෙම තරගයේදී 22 හැවිරිදි මෙම වමත් දඟ පන්දු යවන්නා සිය පන්දු වාර 4 තුළ ලකුණු 7කට කඩුලු 8ක් දවාගනු ලැබුවා.
භූතානය ලබා දුන් ලකුණු 128ක ඉලක්කය හඹාගිය මියන්මාර කණ්ඩායම, යේෂිගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ලකුණු 45කට සියල්ලෝම දැවී ගියහ.
මෙම ජයග්‍රහණයත් සමඟ භූතානය දෙරට අතර පැවැති විස්සයි-20 තරගාවලිය 5-0ක් ලෙස ජයග්‍රහණය කළ අතර, යේෂි මුළු තරගාවලිය පුරා කඩුලු 13ක් දවාගැනීමට සමත් විය.
පිරිමි විස්සයි-20 ජාත්‍යන්තර පිටියේ මීට පෙර හොඳම පන්දු යැවීම වාර්තා කර තිබුණේ මලයාසියාවේ සයස්රුල් ඉඩ්රස් විසින් වන අතර, ඒ ලකුණු 08කට කඩුළු 07ක් ලෙසින්.
කාන්තා අංශයෙන් ඉන්දුනීසියාවේ රොමාලියා 2024 වසරේදී මොංගෝලියාවට එරෙහිව කිසිදු ලකුණක් නොදී කඩුලු 7ක් දවාගෙන තිබුණි.