Latest News

බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජෝෂුවාට මෝටර් රථ අනතුරක් – දෙදෙනෙකු ජිවිතක්ෂයට

Published 3 months ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රිතාන්‍ය හෙවිවේට් බොක්සිං ක්‍රීඩක ඇන්තනි ජෝෂුවා නයිජීරියාවේ සිදුවූ මෝටර් රථ අනතුරකින් තුවාල ලබා ඇති අතර, එම අනතුරින් ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

හිටපු ලෝක ශූරයකු වු ඇන්තනි ජෝෂුවා ඇතුළු පිරිස ගමන් ගත් රථය ලාගෝස් නුවර අසල ඔගුන් ප්‍රාන්තයේ ප්‍රධාන අධිවේගී මාර්ගයකදී ට්‍රක් රථයක ගැටීමෙන් මෙම අනතුරට සිදුව ඇත.

මියගිය පුද්ගලයින් දෙදෙනා ජොෂුවාගේ සමීප මිතුරන් සහ කණ්ඩායම් සාමාජිකයින් වන සිනා ගාමි සහ ලතීෆ් “ලැට්ස්” අයෝඩෙල් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජෝෂුවාගේ තත්වය බරපතල නොවන බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

World News

Send your contact Details Today