Latest News

බංග්ලාදේශයේ ප්‍රථම කාන්තා අගමැතිනිය දිවි සැරියට සමුදෙයි

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශයේ ප්‍රථම කාන්තා අගමැතිනිය ලෙස කටයුතු කළ කලීඩා ෂියා , අභාවප්‍රාප්ත වූ බව ඇයගේ පක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) අද (30) නිවේදනය කර තිබේ.

ඒ බංග්ලාදේශයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී බවයි එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.

මියයන විට ඇය 80 වැනි වියේ පසුවිය.

පසුගිය නොවැම්බර් මස 23වැනිදා රෝහල්ගත කළ කලීඩා ෂියා, දෙසැම්බර් මස 11වැනිදා සිට ශ්වසනාධාර යන්ත්‍රවල සහයෙන් පසුවිය.

ඇයට ශ්වසනාධාර යන්ත්‍ර සවි කර තිබුණද, ඇගේ වයස සහ සමස්ත දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් එකවර ප්‍රතිකාර කිහිපයක් ලබා දීමට නොහැකි වූ බව (28) රාත්‍රියේ වෛද්‍යවරු පවසා තිබුණි.

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ නායිකාව වන කලීඩා ෂියා එරට පළමු කාන්තා අගමැතිවරියයි.

වසර 20 කට පසු රටේ පැවති පළමු ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයේදී බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමෙන් පසු 1991 වසරේ දී කලීඩා ෂියා, බංග්ලාදේශයේ පළමු කාන්තා අග්‍රාමාත්‍යවරිය බවට පත්විය.

කලීඩා ෂියා, බංග්ලාදේශ දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන නායිකාවක ලෙසයි සැළකෙන්නේ.

World News

Send your contact Details Today