Latest News

බැටරි බලයෙන් ක්‍රියාකරන, ලොව විශාලතම මගී නෞකාව නිපදවයි (PHOTOS)

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බැටරි බලයෙන් ක්‍රියාකරන, ලොව විශාලතම මගී නෞකාව ටස්මේනියාවේදී සාර්ථකව නිපදවා තිබේ.

පරිසර හිතකාමී හරිත ප්‍රවාහනයේ දැවැන්ත පියවරක් ලෙස සැලකෙන මෙම නෞකාව, කිසිදු ඉන්ධන භාවිතයකින් තොරව සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියා කිරීම විශේෂත්වයක්.

‘චයිනා සොරිල්ලා’ (China Zorrilla) ලෙස නම් කර ඇති, 130mක් දිගැති මෙම නෞකාව මගීන් 2,100කට සහ වාහන 225කට එකවර ගමන් කිරීමේ පහසුකම්වලින් සමන්විතයි.

මේ සඳහා මෙතෙක් නාවික ක්ෂේත්‍රයේ ස්ථාපනය කළ විශාලතම සමුද්‍ර බැටරි පද්ධතිය යොදාගෙන ඇති අතර, එහි ගබඩා කළ හැකි ශක්ති ප්‍රමාණය මෙගාවොට් පැය 40කට අධිකයි.

දුම් පිටවීම් නොමැති මෙම නෞකාව, ටස්මේනියාවේ හොබාර්ට් නුවර ඩර්වෙන්ට් (Derwent) නදිය ආශ්‍රිතව දැනටමත් සාර්ථකව පරීක්ෂාවට ලක් කර තිබේ.

ඔස්ට්‍රේලියානු නව නිපැයුම් ලෝකයට රැගෙන යන මෙම ව්‍යාපෘතිය, අනාගත පිරිසිදු ප්‍රවාහන සේවාවන්හි නව පෙරගමන්කරුවෙකු වනු ඇති බවයි විශේෂඥයින් පවසන්නේ.

World News

Send your contact Details Today