ඉන්දීය යොවුන් ක්‍රිකට් පිටියේ පෙරළිකාර පිතිකරු 14 හැවිරිදි වෛභව් සූර්යවංශි, ඉන්දියාවේ දරුවන් වෙනුවෙන් පිරිනමන ඉහළම සිවිල් ගෞරවය වන Pradhan Mantri Rashtriya Bal Puraskar සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
නවදිල්ලියේ රාෂ්ට්‍රපති භවන්හිදී පැවති උත්සවයකදී ඉන්දීය ජනාධිපතිනි ද්‍රෞපදි මුර්මු අතින් ඔහු මෙම සම්මානය ලබා ගත්තේය.
ක්‍රීඩා, නව නිපැයුම්, සමාජ සේවා සහ සංස්කෘතික ආදී ක්ෂේත්‍රවල සුවිශේෂී දක්ෂතා දක්වන වයස අවුරුදු 5ත් 18ත් අතර දරුවන් වෙනුවෙන් මෙම සම්මානය පිරිනමනු ලබන අතර, මෙවර එම සම්මානයෙන් පිදුම් ලැබූ දක්ෂයින් 20 දෙනා අතරට වෛභව් ද ඇතුළත්.
සම්මාන උළෙලට සහභාගී වීම හේතුවෙන් වෛභව්ට බිහාර් කණ්ඩායම නියෝජනය කරමින් මණිපූර් රාජ්‍යයට එරෙහිව පැවති ‘විජේ හසාරේ’ තරගය මගහැරී තිබුණි.
ඔහු මීට පෙර තරගයකදී අරුණාචල් ප්‍රදේශ් කණ්ඩායමට එරෙහිව ලකුණු 190ක දැවැන්ත ඉනිමක් ක්‍රීඩා කරමින් ක්‍රිකට් ලෝකයේ අවධානය දිනා ගැනීමට සමත් විය.
සම්මානලාභීන් ඇමතූ ජනාධිපතිනිය සඳහන් කළේ, “ඔබේ ජයග්‍රහණ මුළු රටටම ආදර්ශයක්. මෙවැනි දක්ෂ දරුවන් නිසා ඉන්දියාව ලෝක මට්ටමින් බැබළෙනවා” යනුවෙන්.
වෛභව්ගේ මීළඟ ඉලක්කය වන්නේ ජනවාරි 15 වැනිදා ආරම්භ වීමට නියමිත 19න් පහළ ලෝක කුසලාන තරගාවලියයි.
ඔහු එහිදී ඉන්දීය 19න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් පිටියට පිවිසීමට නියමිතයි.