රුසියාව සමඟ සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව එක් කර ඇති නව යෝජනා අගය කරන බව යුක්රේන ජනාධිපතිවරයා පවසයි.
රුසියා – යුක්රේන යුද ගැටුම් අවසන් කිරීම සම්බන්ධයෙන් අමෙරිකාවේ මැදිහත් වීමෙන් මේ වන විට අදාළ රටවල් දෙක සමග තනි තනිව සාකච්ඡා පැවැත්වෙයි.
අමෙරිකාව යෝජනා විස්සක් ඇතුළත් සටන් විරාම කොන්දේසි රටවල් දෙකටම ලබාදීමට පසුගිය මාසයේදී කටයුතු කළේය.
එම යෝජනා සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට පැමිණීමට සමත්වී නොමැත.
කෙසේ වුවද යුක්රේන ජනාධිපතිවරයා සමග ඇමෙරිකා නියෝජිතයින් පැය 08කට අධික කාලයක් ඊයේ පැවති සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමින් වොල්දොමියර් සෙලෙන්ස්කි සදහන් කරන්නේ සාම යෝජනාවලියට අමෙරිකාව එක්කළ නව යෝජනා තමා පිළිගන්නා බවයි.