Latest News

ඉන්දියාව සහ නවසීලන්තය අතර වෙළඳ ගිවිසුමක්

Published 1 month ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ඉන්දියාව සහ නවසීලන්තය නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා අත්සන් තබා තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබුණේ, නවසීලන්තය සමග ඇති කර ගත් නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) ද්විපාර්ශ්වික ආර්ථික සම්බන්ධතාවය සැලකිය යුතු ලෙස ශක්තිමත් කරන අතර, වෙළෙඳපළ ප්‍රවේශය වැඩි දියුණු කරන බවයි.

එමෙන්ම එමගින් දෙරට අතර ආයෝජන ප්‍රවාහ ප්‍රවර්ධනය කරන බව ද ඉන්දියාව නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.

මෙම නිදහස් වෙළඳ ගිවිසුම දෙරට අතර උපායමාර්ගික සහයෝගීතාව ශක්තිමත් කර විවිධ අංශ හරහා දෙරටේ නවෝත්පාදකයින්, ව්‍යවසායකයින්, ගොවීන්, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සිසුන් සහ තරුණයින් සඳහා නව අවස්ථා විවෘත කරන බව ද එම අමාත්‍යංශය පවසා තිබුණේය.

ඉදිරි වසර පහ තුළ ද්විපාර්ශ්වික වෙළඳාම දෙගුණ කිරීම මෙහි අරමුණයි.

World News

Send your contact Details Today